කවුද මේ HACKERSල කියන්නේ?

කවුද මේ HACKERSල කියන්නේ?





මේ වන විට ලෝකයේ විවිධ ආකාරයේ අපරාධ පිළිඹදව වාර්ථා වෙනවා. මේ අපරාධ කර පුද්ගලයින් සොරුන්, මිනීමරුවන් යනාදී ලෙස අපි නම් කරනවා. ඉතින් මේ හැකර් කියන නම භාවිතා වෙන්නේ සයිබර් අවකාශයේ නොහොත් අන්තර්ජාලය සම්බන්ධ ක්‍රියාවන් වලදී. මේ හැකර්වරුන් සයිබර් අවකාශයේ සිදුවන අපරාධ මෙන්ම නීතිමය ගැටළු වලදීද අපට හමුවෙනවා. ඉතා දරුණු ගණයේ අපරාධ සහ සමහර අපරාධ විසඳා ගැනීමට හැකර්වරුන්ගේ දායකත්වය පිලිබඳ නොයෙකුත් විස්තර අපට අසන්නට ලැබෙනවා. (සයිබර් අපරාධ (Cyber Crimes) පිලිඹද වෙනම ලිපි මාලාවක් මම ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නම්.)

"හැකර්වරයෙකු යනු පරිගණකයක් හෝ වෙනත් ඊට සමාන තාක්ෂණික උපකරණයක් භාවිතා කරමින් තමාට අවසර නොමැති දත්ත හෝ ලිපිගොනු වලට ඇතුළු වීමට හැකියාවක් ඇති අයෙකි"


දැනටමත් ඔබ හැකර්වරුන් පිළිඹදව දන්නවානම් ඔබ අසා ඇති හැකර්වරුන්ගේ හැසිරීම දැනුම සහ අභිප්‍රාය මත ඔවුන්ව කාණ්ඩ ගත කල හැකි බව.

හැකර්වරුන් අයත් වන ප්‍රධාන කාණ්ඩ 


  • Amateurs - ඉංග්‍රීසි භාෂාවේ ඇමෙචර් යන වචනය භාවිතා වන්නේ නුපුරුදු/නුපුහුණු/ආධුනික යන අරුත් දැක්වීමට බවට ඔබ දැනටමත් දන්නවා. ඉතින් මේ Amateurs කාණ්ඩයට අයත් පුද්ගලයිනුත් එලෙසම වෙනවා. මොවුන් ප්‍රහාරයක් එහෙමත් නැතිනම් ඇටෑක්(attack) එකක් දියත් කරනුයේ අන්තර්ජාලයේ දක්වා ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් හෝ ඒ සඳහා ඇති මෙවලම්(tools) භාවිතා කරමින්ය. මොවුන් හැකින් (සයිබර් ප්‍රහාරයක් දියත් කිරීම) කිරීම පිලිඹද තරමක දැනුමක් ඇති හෝ දැනුමක් නැති පුද්ගලයින් වේ. මෙයින් ඉතා සුළු පිරිසක් හැක් කිරීම පිලිඹද ඉගෙන ගැනීමට පමණක් යොමු වන අතර අනෙක් පිරිස හැක් කිරීම මගින් හානි ඇති කිරීම සිදු කරනවා. දක්ෂතාවයක් ඇතිව හෝ නැතිව සිදු කලත්. මෙවැනි හැක් කිරීම් මගින් වන හානියනම් සුළුපටු නොවේ.

  • Hackers - මෙම කාණ්ඩයට අයත් වන පිරිස යම්කසි පරිගණකයකට හෝ යම් කිසි ජාලයකට(network) අනවසරයෙන් ඇතුළු වී ප්‍රහාර දියත් කිරීම සිදු කරනු ලබයි. නමුත් මොවුන්ගේ අභිප්‍රාය අනුව මෙම කාණ්ඩයට අයත් පුද්ගලයින් වර්ග තුනකට බෙදා දක්වනු ලබයි. එනම් වයිට් හැට් හැකර්(White Hat Hacker), ග්‍රේ හැට් හැකර්(Grey Hat Hacker) සහ බ්ලැක් හැට් හැකර්(Black Hat Hacker) ලෙසය.(මොවුන් පිළිඹදව වෙන වෙනම ලිපිය අවසානයේ දක්වා ඇත)

  • Organized Hackers - මේ කාණ්ඩයට අයත් වන්නේ හැකර්ලාගෙන් සැදුම්ලත් සංවිධානය. මොවුන් නිතරම යොමුවන්නේ අපරාධ සිදු කිරීම සඳහා වන අතර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ද සමහර පාර්ශව මොවුන්ව යොදාගනු ලබයි. මොවුන්ගෙන් සමහරක් ඒ ඒ රටවල් වල පාලන පක්ෂයන්ගේ ආධාර සහිතව තම ක්‍රියාකාරකම් වල නිරත වේ. යම්කසි නීතියට  පටහැනි කාර්යයන් කරගැනීම සඳහා විවිධ පුද්ගලයින් මෙම සංවිධාන වලට මුදල් ගෙවීමද සිදු කරනු ලබයි. මෙවැනි සංවිධාන අතිශයින් භයානක වන අතර මෙම සංවිධාන වල සිටිනා හැකර්වරුන් හොදින් පුහුණුව ලැබූ අති දක්ෂ හැකර්වරුන් වේ. මොවුන්ගෙන් සමහරක් දරුණු ත්‍රස්තවාදී කණ්ඩායම් වේ. සංවිධානාත්මක හැකර්වරුන්ද වර්ග වලට බෙදා දැක්විය හැකිය.


Cyber Criminals - මොවුන් අපරාධ කිරීම මගින් ධනය, බලය , සහ පාලනය අපේක්ෂා කරති. සමාගම් වල ගිණුම් වලට ඇතුළු වී මුදල් සොරකම් කිරීම, පද්ධති වලට ඇතුල් වී දත්ත සොරකම් කිරීම සහ පද්ධති වලට ඇතුළු වී අනවශ්‍ය ලෙස එම පද්ධති පාලනය කිරීම හෝ එමගින් අදාළ සමාගමට හානි සිදු කිරීම වැනි නොයෙකුත් අපරාධ මොවුන් විසින් සිදුකරනු ලබයි. මෙවැනි කියාකාරකම් නිසා ජීවිත හානි සිදුවුන අවස්ථාද ඇත.



Hacktivists - මොවුන් සිදුකරනු ලබන්නේ දේශපාලනය සම්බන්ධ ක්‍රියාකාරකම් වේ. දේශපාලකයින්ගේ පුද්ගලික ගිණුම් වලට ඇතුළු වී ඔවුන්ගේ රහස්‍ය තොරතුරු අනාවරණය කිරීම, ඒ පිළිඹදව ප්‍රකාශ නිකුත් කිරීම මගින් අදාළ දේශපාලකයාගේ හෝ පක්ෂයේ ප්‍රතිරූපයට හානි කිරීම හෝ ඒම තොරතුරු නිකුත් කරන බව පවසා මුදල් ලබාගැනීම මොවුන්ගේ ප්‍රධානතම කාර්යයයි.



State-sponsored - මොවුන් රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන පිරිසකි. මොවුන්ගේ කාර්යයන් වන්නේ ප්‍රතිවාදී පක්ෂයේ හෝ රජයට ප්‍රතිවාදී වන පුද්ගලයන්ගේ තොරතුරු එකතු කිරීම, ඔවුන්ගේ රහස්‍ය තොරතුරු සොයාගැනීම සහ දැනුම්දීම. එසේත් නොමැතිනම් ඔවුන්ගේ තාක්ෂණික ක්‍රියා අඩපණ කිරීම වේ. මොවුන්ගේ ක්‍රියා පවතින රජයට වාසි සහගත වේ.


වයිට් හැට්, බ්ලැක් හැට් සහ ග්‍රේ හැට් හැකර්වරුන් යනු කවුරුන්ද?




  • White Hat Hacker - මොවුන් නීතියට සහය දක්වන හැකර්වරුන් පිරිසකි. තම දක්ෂතාවය හොඳ, වැදගත් සහ නීත්‍යානුකුල කටයුතු සඳහා මොවුන් යොදවනු ලැබේ. මොවුන් විසින් සමහර සමාගම්වල පද්ධති හැක් කිරීම් සිදුකර අදාළ සමාගමේ පද්ධතියේ ඇති දුර්වලතා අදාළ සමාගමට දැනුම්දීම සිදුකරන අතර එමගින් අදාළ සමාගමේ පද්ධතිය සතු දුර්වලතා සහ අඩුපාඩු ඔවුනට සකසා ගැනීමට හැකියාව ලැබේ. සමහර සමාගම් තම පද්ධතීන් සතු දුර්වලතා දැනුම් දෙන හැකර්වරුන්ට මුදල් ත්‍යාගද පිරිනමනු ලබයි.

  • Black Hat Hacker - මොවුන් තම පුද්ගලික වාසිය වෙනුවෙන් පද්ධතීන් ගිණුම් හෝ වෙබ් සයිට් හැක් කරන අපරාධකාරයන්ය. බැංකු ගිණුම් වලින් මුදල් හොරකම් කිරීම, පද්ධති වලට හානි පැමිණ වීම, පුද්ගලික තොරතුරු සහ රහස්‍ය තොරතුරු ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව දන්වා කප්පම් ලබාගැනීම ආදී බොහෝ අපරාධ ක්‍රියා මොවුන් සිදුකරනු ලබයි.

  • Grey Hat Hacker - මොවුන් වයිට් සහ බ්ලැක් හැට් හැකර්වරුන් අතර මැදි පිරිසකි. මොවුන් සමාගම්වල පද්ධති වල දුර්වලතා අනාවරණ කිරීම සිදු කරයි. මෙහි වාසිදායක මෙන්ම අවාසිදායක අවස්ථාද ඇත. මෙහි වාසියක් ලෙස එම සමාගමට පද්ධතියේ දුර්වලතාව හඳුනාගෙන එය සකසා ගැනීමට හැකියාව ලැබෙන අතර අවාසියක් ලෙස ඒම තොරතුරු යොදා ගනිමින් වෙනත් හැකර්වරයෙකුට අනවසරයෙන් ඒම පද්ධතියට ඇතුළු වීමට හැකියාව ලැබේ.






"තමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වන විට ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනක් මෙවැනි හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාර වලට ගොදුරු වී ඇත. 2020 වසර වන විට මේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහල යා හැකි බව විශ්වාස කරේ. මේ හේතුවෙන් ලොව පුරා ආයතන, ආරක්ෂක අංශ තමන්ගේ සයිබර් ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇත."







ඉදිරියේදී තවත් මෙවැනි ලිපියකින් මුනගැසෙමු 




Creative Writer
Certificate in Cyber Security











Comments

Post a Comment

Popular Posts